Monday

සැහැල්ලුව...

ප්‍රශ්ණෙකින් ඔලුව පිරිලා තියෙද්දි කිසිම විසඳුමක් එන්නේ නෑ.
ඒ වගේම කිසිම සැනසීමකුත් නෑ.
ඒ වගේම අපිට ප්‍රශ්ණයක් ආපු වෙලාවට අපි තනිවෙන්න හොඳත් නෑ.
තමන්ගේ මනස සැහැල්ලු කරගන්න ඕන.
ඉතින් කොහොමද මනස සැහැල්ලු කරගන්නේ ?


ඒ වගේ වෙලාවට කරන්න ඕන තමන්ගෙ ලගම හිතවතෙක්, යාළුවෙක් එක්ක තමන්ගෙ හිතේ තියෙන හැමදේම කියන එක.
තමන්ව තේරුම් ගන්න පුලුවන්, විශ්වාසය තියන්න පුලුවන් කෙනෙකුට තමයි ඉතින් හැමදේම කියන්න ඕන.
සාකච්ඡා කරන්න ඕන.
ඔයාලට හිතෙන්න පුලුවනි ' ඉතින් එහෙම කළා කියලා විසඳුමක් හම්බෙන්නේ නෑනේ ' කියලා. ඇත්ත . සමහරවිට විසඳුමක් නොලැබෙන්න පුලුවනි. ඒත් හිත සැහැල්ලු වෙනවා. පුදුමාකාර විදිහට හිත සැහැල්ලු වෙනවා. ඉතින් එතනින් එහාට, තමන්ගේ කලබල හිතෙන් නොලැබුණු විසඳුම් ලබෙන්නත් පුලුවනි.


හිත සැහැල්ලු කරගන්න තවත් විදිහක් තමයි තමන්ගෙ දිනපොතේ වගේ හිස් පි‍ටු කිහිපයක, හිතට එන අදහස් සියල්ල ඒ විදිහට ම ඔහේ ලියාගෙන යන එක. මේක නිදහසේ පෑන හසුරුවාගෙන , ගලාගෙන එන සිතුවිලි එහෙම ම ලියන කලාවක්.
මෙහෙම පි‍ටු ගානක් පිරෙනකං ලියවෙන්න පුලුවනි ඒත් දිගටම ලියාගෙන යනකොට එක වෙලාවක් එනවා ලියන්න කිසිම දෙයක් නැති. අන්න එතනින් එහාට තමන්ගෙ හිතේ තියෙන සෑහෙන්න ලොකු බරක් අයින් උනා වගේ දැනේවි.ලොකූ සැහැල්ලුවක් දැනේවි.
මම කිව්ව කරුණු මහා ලොකූ දේවල් නොවෙන්න පුලුවනි.නමුත් මේවා මං වගේම මගේ ලඟම යාළුවොත් අත්විඳලා තියෙනවා. ඒ වගේ සැහැල්ලු වෙලා තියෙනවා.


ඉඩෝරෙට ඉරිතැලිලා ගිය මහපොළොවට පිණි වැස්සත් මහ මෙරක් වගේ.

7 comments:

Unknown said...

ඇත්ත තමා යාලුවා,මාත් හිතන්නේ අපිට ප්‍රශ්ණයක් අවාම හොදම දේ තමා යාලුවෙකුට කියලා විසදුමක් හොයා ගන්න එක. ඔයාගේ අත්දැකීම් අපිට ගොඩක් වැදගත් යාලුවා.. දිගටම කරගෙන යන්න, සුභ පැතුම්...

මීදුම said...

බොහොම ස්තූතියි...!

Anonymous said...

Mmm sooo true

මීදුම said...

:)... බොහොම ස්තූතියි...!

මැණික් - සුදු මැණිකේ said...

හිතට ප්‍රශ්නයක් ආවම මාත් කරන්නේ යාලුවෙක්ට කියන එක නැත්නම් හිතට එන හැමදේම කොලයක පිලිවෙලට ලියලා ඒක ඉරලා දාන එක. ඒකෙන් හිතට පුදුම සහනයක් දැනෙනවා.


අද තමයි මේ පැත්තට ගොඩ වැදුනේ. දිගටම ලියන්න.

ජය වේවා...!!!

ප.ලි. - වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න. එතකොට කමෙන්ට් කරන්න පහසුයි.

මැණික් - සුදු මැණිකේ said...

word verification අයින් කරන්න. එතකොට කමෙන්ට් කරන්න ගොඩක්ම ලේසියි.
මෙන්න ක්‍රමය.

Dashboard > settings > comment
word verification

No කරන්න.

මීදුම said...

බොහොම ස්තුතියි යාලුවේ...!

ඕන්න දැන් හරියටම වෙරි‍ෆිකේෂන් අයින් කලා මං...ආයෙත් බොහොමත් ම ස්තුතියි යාළුවේ උදව්වට...
(ඉස්සෙල්ලා වෙන එකක්නේ මං අයින් කරලා තියෙන්නේ :)... )