මේ ලිපිය වැඩියෙන් ම වැදගත් වෙන්නේ "මේකනම් මහ එපා කරපු ජීවිතයක් " කියලා හිතන් ඉන්න අයටයි.(ලිපියක් කිව්වට ලිපි කිහිපයක එකතුවක්)අපි මේ ලෝකෙ පයගහලා ජීවත් වෙන්නේ අවුරුදු 70 ක් විතර කාලයක් කියලයි දැන් දැන් එන වාර්තා වලින් කියන්නේ. මේ ලිපිය කියවන ඔයා තරුණ වියේ, එහෙමත් නැතිනම් මැදි වියේ පහුවෙන අය...!. හරි , අපි කියමුකෝ අවුරුදු 20 යි කියලා. ආ.... එහෙනම් අපිට තව ජීවත් වෙන්න තියෙන්නේ අවුරුදු කීයද ??? ඔව්... අවුරුදු 50 යි. ජීවිතෙන් බාගෙකට ආසන්න ගානක් ගෙවිලා ඉවරයි.ඒ වගේම තව චුට්ටක් හිතන්න ඒ ඉන්න පුංචී කාලෙනුත් කොච්චර කාලයක් අපි නිදාගන්නවද කියලා ??? ඔන්න එහෙම බැලුවම අවදියෙන් ඉන්න ඉතුරු වෙන්නේ තවත් පොඩි කාලයක්. නේද යාළුවනේ???
ඉතින් අපි ජීවිතේ එපා වෙනවා කිය කියා කණස්සල්ලෙන් ඉන්නේ මේ අවදියෙන් ඉන්න පොඩි කාලෙ නේද ???
මම හිතන විදිහට ජීවත් වෙනවා කියන්නේ ඒකට නෙවෙයි. තමන්ගෙ වටපිටාවෙ තියෙන හැම දෙයක්ම රසවිදින ගමන්, හිත මිතුරන් එක්ක, පවුලත් එක්ක සතුටෙන් කාලය ගත කරන එක තමයි ජීවත් වෙනවා කියන්නේ. ඔයාල අහලා ඇති සමහර අය නිතර කියන කියමනක් තමයි " ජීවිතේ තියෙන්නේ විඳවන්න නෙවේ විඳින්න " කියන එක. හරියට හරි. අපි මේ ජීවිතේ හොද අවබෝධෙකින් විඳින්න ඕන. වටේ පිටේ ඉන්න අයට කරදරයක් නොවී, ජීවත් වෙන හැම මොහොතක්ම සතුටින් ගත කරන්න ඕන.
ඉතින් කොහොමද ඒක කරන්නේ ???
ඊලග ලිපියෙන් මම ඒ ගැන අදහස් දක්වන්නම්.
No comments:
Post a Comment