පිනි බින්දු සිපගත්තු
දම්පාට මල්
අපිට පාවඩ එළලා.
මහවැලියෙ ගං ඉවුර
වැහි මංදාරමත් එක්ක
හරීම නිසසල වෙලා.
හන්තාන සිපගත්තු
මදනලත් එක්ක රැඳි
හීං පිණි ගත සීතල කලා.
අතැඟිල්ලෙ දැවටුණු
සුන්දර මිහිරාවි ඔබ
මගේ සිත කවියක් කලා.
යාළුවන්ට මතකනේ එදා උදේ පන්තියෙදි අපේ මීදුම් යාන්තං ඇග පත බේරගෙන ශේප් උන හැටි.