Tuesday


පිනි බින්දු සිපගත්තු
හරිත තණපත් මතින්
දම්පාට මල්
අපිට පාවඩ එළලා.
මහවැලියෙ ගං ඉවුර
වැහි මංදාරමත් එක්ක
හරීම නිසසල වෙලා.
හන්තාන සිපගත්තු
මදනලත් එක්ක ‍රැඳි
හීං පිණි ගත සීතල කලා.
අතැඟිල්ලෙ දැව‍ටුණු
සුන්දර මිහිරාවි ඔබ
මගේ සිත කවියක් කලා.

2 comments:

Unknown said...

හරිම ලස්සනයි...

මීදුම said...

බොහොම ස්තූතියි...!