මීදුම් සිත්තම්...
ජීවිතය රස විදින්න...
Tuesday
ඈ
පිනි බින්දු සිපගත්තු
හරිත තණපත් මතින්
දම්පාට මල්
අපිට පාවඩ එළලා.
මහවැලියෙ ගං ඉවුර
වැහි මංදාරමත් එක්ක
හරීම නිසසල වෙලා.
හන්තාන සිපගත්තු
මදනලත් එක්ක රැඳි
හීං පිණි ගත සීතල කලා.
අතැඟිල්ලෙ දැවටුණු
සුන්දර මිහිරාවි ඔබ
මගේ සිත කවියක් කලා.
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)