Monday
ඌරෙක් නිසා 3 _ එකයි පනහේකෑලි දෙක
ඌරත් එක්ක තියෙන ෆිට් එකට දවල් කෑම එකත් නොකා ගිය මේ කට්ටිය බස් ස්ටෑන්ඩ් එකට වෙලා මහා පරිමාණ කයි දිදී ඉන්නවලු.ඔහොම ඉන්නකොට තමා කට්ටියට මීටර් උනේ පන්තියෙන් එලියට බැහැපු තරම් සෙනගක් ස්ටෑන්ඩ් එකට ඇවිත් නෑ කියලා. ඒත් මොකෝ, ඇවිත් ඉන්න දහ පහලොස් දෙනා වැඩිත් එක්කනේ මේ කොහේවත් යන පඟර නැට්ටෙක්ට ගහන්න.ඉක්මනට ගහන්න තියෙන මගුලක් ගහලා ඉක්මනට පන්තියට යන්නයි දැන් කට්ටියට ඕන. මොකද පොඩ්ඩක් හරි පරක්කු උනොත් ඉතින් වහ කනවා හොඳයි. මිස් ඒ තරමටම සැරයි.
කට්ටිය මෙහෙම ඉද්දි ඔන්න ඈතින් අරූ එන කතාවක් ඌර කිව්වා. අපිත් බැලුවා මොකාද අද අපෙන් කන්න නියමිත එකා කියලා. ටිකක් දැකලනම් පුරුදුයි පුරුදුයි වගේත් එක්ක.ඔන්න එතකොට අපේ එවුන් එක එකා කසු කුසු ගාන්න පටන් ගත්තා. මීදුම්නුත් කතාවකට හොට දැම්මෙ අරූට කොහොම පටන් අරන් කොහොම ගහනවද කියලා දැන ගන්න. ඒත් අහන්න උනේ ඒ විදිහෙ කතාවක් නම් නෙවෙයි.
අපේ එකෙක් ඉඳන් කියපි
"මචං , අරූ අර හැම වෙලේම ටවුන් එකේ ඉන්න එකෙක් නේද ? උගෙ ගෙවල් තියෙන්න අන්න අතන..." කියලා ලග පාතක තිබ්බ ගෙදරකුත් පෙන්නුවා.
කට්ටියටම හීන් දාඩිය දාන්න පටන් ගත්තෙ එතකොට. ඌරත් අසරණ අහිසකයා වගේ බලන් ඉන්නවා. අපිත් ඌ දිහා බොහෝම සානුකම්පිත බැල්මකින් බැලුවේ "බොහොම ස්තූතියි මචං" කියලා කටින් කියාගන්න බැරි නිසා.දැන් ඉතින් මොනවා කරන්නද. කන කෑමක් එකට කමු කියලා කට්ටිය එක ලගට වෙලා හිටියා.
ඔන්න අරූ දැන් ලඟටම ඇවිත්. ටවුන් එකෙන් බාගයක් විතර උගෙ වටේ. අපි ලඟ තිබ්බ අඹ ගහේ ඉදුණු අඹ තියෙයිද කියලා බල බල හිටියේ. කොහොමත් හොඳට බඩ කට පුරා කන්න වෙන එකේ අඹ ගෙඩියකුත් කෑවට මක් වෙනවද ?
අරූ අපේ ලඟට ඇවිත් ඌරට කතා කලා .
"මචං, උඹද ඌරා කියන්නේ ? "
"ඔව් , මං තමයි, මොකද ?"
"උඹත් එක්ක පොඩි ප්‍රශ්ණයක් තියෙනවා විසඳගන්න, පොඩ්ඩක් වරෙන්..."
මෙහෙම කියපු අරූ අපේ ඌරව අරන් ගියා.
අපිත් ගියා.
ඌරා කිව්වා "එන්න එපා මචං, මං මූත් එක්ක කතා කරලා විසඳගන්නම්" කියලා.
කිව්වත් වගේ විනාඩි පහෙන් ඌරා ආවා. ඌ නම් කිව්වේ කිසි ප්‍රශ්ණයක් උනේ නෑ, කතා කරලා විසඳගත්තා කියලා. ඒත් හැබැයි ගියාට වඩා මුගෙ මූණ පොඩ්ඩක් ඉදිමිලා කම්මුල දෙපැත්තෙම ඇගිලි පාරවල් තිබ්බා. අපි හිතුවේ ඌරට අරූව ඇලජික් වුණාවත්දෝ කියලා. ඒත් ඌරා කිව්වෙම කිසිම ප්‍රශ්ණයක් නෑ කියලා. හොඳම පාට් එක තමයි එනකොට මුන් දෙන්න ආවෙත් කරට අත් දාගෙන. ඒ නිසයි අපිට තේරුණේ ඌරා ඌටම ආවේණික විදිහකට ප්‍රශ්ණෙ විසඳගෙන කියලා.
ඔන්න අපි නූලෙන් බේරිලා ආයෙත් පන්තියට ගියා. යනකොට පැයකටත් වඩා පරක්කුයි. අපිට පස්සෙයි තේරුණේ අරුන්ගෙන් ගුටි කාල ඉස්පිරිතාලෙ නැවතුනා නම් සැපයි කියලා. ඒ වෙලාවෙ එපාම උණු වැඩේ තමයි වලියට එනවා කියලා කට්ටියව දිරිමත් කරලා අන්තිමට කට්ටි පැනපු එවුන් ටික, අපිට බනිද්දි හිනා වෙච්චි එක.
එදායින් පස්සෙ අපේ පන්තියේ සෙට් පිටින් බැහැලා වලිවලට යන එක නැවතුනා. මොකද එකෙක්ටවත් ෂුවර් නෑ අනික් එවුන් එයිද කියලා.
මේ වැඩේ උනු අපේ ඌරා දැන් පෞද්ගලික කැම්පස් එකක ඉගෙන ගන්නවා.
එදා ඒ ප්‍රශ්නෙට අදාළ වුණු එකයි පනහේ කෑල්ල දැන් කොලොම්පුරේ කැම්පස් එකේ හොඳ අංශයක ඉගෙන ගන්නවා.
මීදුම්ට ලඟදී මෙයාව හම්බුනා මීදුම්ලගෙ මළ
ගෙදරකදි . ඉස්කෝලෙ කාලෙ ගනන් උස්සන් හිටියට මොකෝ මේකි පැන්න ගමන් මීදුම් එක්ක කතා කලා. ඒ වෙලේ තමා මීදුම් දැන ගත්තෙ මේ උන්දැ මීදුම්ගෙ දුරින් නෑදෑයෙක් වෙන විත්තිය...
Subscribe to:
Posts (Atom)